30.6 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙසෙල් කැබැල්ලක් සිරවීමෙන් අයෙක් ජීවිතක්ෂයට

කෙසෙල් කැබැල්ලක් සිරවීමෙන් අයෙක් ජීවිතක්ෂයට

ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කැබැල්ලක් සිරවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය, හිරිපිටියේ පදිංචි 64 හැවිරිදි හෙට්ටි කංකානමලාගේ ලක්ෂ්මන් හෙට්ටි පතිරණ නමැති නාවික හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිළධාරියෙකි.

පෙනහැල්ලේ කෙසෙල් කැබැල්ලක් සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මොහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙම පුද්ගලයා වසර කිහිපයක සිට රෝගාතුරව කල් ගත කර ඇති අතර ඔහුගේ බිරිඳ විසින් ඔහුට ඇප උපස්ථාන කර තිබේ.