26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රස්ත විරෝධී පනත ගැන අධිකරණ තීන්දුවක්

ත්‍රස්ත විරෝධී පනත ගැන අධිකරණ තීන්දුවක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙන එහි කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළා.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කතානායකවරයා නිවේදනයක් සිදුකර තිබෙන හෙයින් එම පනත් කෙටුම්පත පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිවේදනය කළේ.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය. හරිනි අමරසූරිය, විජිත හේරත් ඇතුළු පිරිසක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.