23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගාසා තීරයේ එකම පිළිකා රෝහලත් වැසීයාමේ අවදානමක්

ගාසා තීරයේ එකම පිළිකා රෝහලත් වැසීයාමේ අවදානමක්

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය හමුවේ ගාසා තීරයේ පිහිටා ඇති එකම පිළිකා රෝහල වසා දැමීමට සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ඊශ්‍රායලයට පසුගිය සඳුදා එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් දිගින් දිගටම පලස්තීනයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරය වටලනු ලැබීමත් සමග මෙම පිළිකා රෝහලේ දැනටමත් විකිරණවේදය වැනි සමහර සේවාවන් නතර කර තිබෙනවා.

නමුත් මෙහි ඇති ඛේදනීය ගැටලුව වන්නේ මෙම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 9,000කට පමණ ප්‍රතිකාර සඳහා යාමට වෙනත් රෝහලක් හෝ සායනයක් නොමැති වීමයි.

ගාසාවේ එකම පිළිකා රෝහලේ දී වෛද්‍ය සුභී සුකීක් ඔහුගේම රෝගීන්ට දැඩි ලෙස මෙම යුද්ධය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ව ඇති බවටයි පවසා ඇත්තේ.

ඔක්තෝබර් 7 වැනිදා යුද්ධය ආරම්භ වී දින දෙකකට පසුව, ඊශ්‍රායලය ගාසා තීරයට සම්පූර්ණ අවහිරයක් පනවමින් ආහාරපාන, ඖෂධ, ඉන්ධන ආදී සියල්ලම නවතා දැමුවා.

තුර්කි-පලස්තීන මිත්‍රත්ව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුකේක් අනතුරු ඇඟවූයේ එහි අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන මෙන් ම රසායනික චිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සඳහා ඒවා ලබාගත නොහැකි ව රෝහල් කාර්‍යය මණ්ඩලය මෙන් ම රෝගීන් නේක දුක් විඳින බවයි.