― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsත්‍රිරෝද රථ සොරාගෙන කාන්තාවන් ඇසුරු කළ අයෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථ සොරාගෙන කාන්තාවන් ඇසුරු කළ අයෙක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කරන අයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසනවා.

සැකකරු විසින් මෙලෙස ලබාගන්නා මුදල් කාන්තා ඇසුර සඳහා වැයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු විසින් මාස 08ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා ත්‍රිරෝද රථ 21ක් සොරා ගෙන ඇති බවයි. මෙලෙස අලෙවිකරන ලද ත්‍රිරෝද රථවලින් ත්‍රිරෝද රථ 06ක් සහ ඉතිරි ත්‍රිරෝද රථවල කොටස් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අඩු මුදලකට ත්‍රිරෝද රථයක් විකිණීමට පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු විසින් වැල්ලම්පිටිය, දෙමටගොඩ, මිහිජය සෙවන, මට්ටක්කුලිය, ආදී ප්‍රදේශවල මහල් නිවාස අසල නවතා ඇති ත්‍රිරෝද රථ සොරාගෙන හංවැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඒවායේ වර්ණය වෙනස් කර හෝ කොටස් කර විවිධ පුද්ගලයන් වෙත මුහුණු පොත හරහා අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

චැසි සහ එන්ජින් අංක වෙනස් කර එහි ලියා පදිංචි සහතිකය නැති වූ බව පවසමින් සහ වාරික ගෙවීමට අපහසු බව පවසමින් මෙම ත්‍රිරෝද රථ මෙලෙස අඩු මුදලට විකුණා ඇතැයි පොලිසිය පවසනවා.

29 හැවිරිදි සැකකරු විසින් මෙම ජාවාරම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද සම්බන්ධකර ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එලෙස හවුල්කරුවන් දෙදෙනාගෙන් ගරාජය හිමි තැනැත්තා මේ වනවිට විදේශ ගතව සිටින අතර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් හවුල්කරු ප්‍රදේශය හැර පළගොස් සැඟව සිටින බවයි වාර්තා වුණේ.

සැකකරු සොරාගත් තිබූ ත්‍රිරෝද රථ, කිරිබත්ගොඩ ,රඹුක්කන වෙන්නප්පුව සහ කොළඹ ආදී තදාසන්න ප්‍රදේශයේ කීපයකට විකුණා ඇති බවයි අනවරණය වී ඇත්තේ.