28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට

පස් දින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා දිවයිනට පැමිණ තිබේ.

ඇයගේ මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇතුළු පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙරට ආර්ථික වර්ධනය මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනයටද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනියගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

ඇය අද (19) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පැමිණ එහි සාම්ප්‍රදායික සීනුව නාද කිරීම සඳහාද එක් වී ඇත.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.