30 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිරිමින්ටත් උපත් පාලන එන්නතක්

පිරිමින්ටත් උපත් පාලන එන්නතක්

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) විසින් ලොව ප්‍රථම වරට පිරිමි පුද්ගලයන්ට එන්නත් කළ හැකි උපත් පාලන ක්‍රමයක සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් කර තිබෙනවා.

එය කිසිදු බරපතල අතුරු ආබාධයකින් තොර වන අතර ආරක්ෂිත සහ ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වයස අවුරුදු 25-40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම තුන්වන අදියරේ සායනික පරීක්ෂණය සිදු කර ඇතැයි සඳහන්.

සායනික අත්හදා බැලීම් සිදු කිරීමට අවසර ලබා දී ඇත්තේ ඖෂධ පාලක ජනරාල්වරයා (DCGI) විසින් සහ අදාළ මධ්‍යස්ථානවල ආයතනික ආචාර ධර්ම කමිටු විසින්.

අධ්‍යයනයේ කොටසක් ලෙස, පවුල් සැලසුම් සායනයට සහ උපත් පාලන ශල්‍යකර්ම දෙපාර්තමේන්තුවට පැමිණි නිරෝගී, ලිංගිකව ක්‍රියාශීලී විවාහක පිරිමින් 303ක් සහ ඔවුන්ගේ නිරෝගී ලිංගික ක්‍රියාශීලී භාර්යාවන් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුවයි ඔවුන්ට එන්නත් ලබාදී ඇත්තේ.

ඉන්දීය අධ්‍යයනයට අනුව, දිනෙන් දින ඉහළ යන ලෝක ජනගහනයක් සමඟ, ජනගහන පාලනය සඳහා නවීන පුරුෂ උපත් පාලන ක්‍රම දියුණු කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බවටයි ප්‍රකාශ වී ඇත්තේ.