― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොල් කඩන්න ගසට නැගුණු පුද්ගලයා ගසෙන් බහිද්දී ජීවිතක්ෂයට

පොල් කඩන්න ගසට නැගුණු පුද්ගලයා ගසෙන් බහිද්දී ජීවිතක්ෂයට

ල් ගසකට නැගුණු පුද්ගලයෙකු ඉන් බසිමින් සිටියදී පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසක අත්තක් මත වාඩිවී සිටින ආකාරයෙන් හදිසියේ මිය යාමේ සිදුවීමක් පොකුණුවිට වැලිකල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු පොල් කැඩීමේ රැකියාවේ නිරත අයෙක් වන අතර අද වැලිකල තිබ්බොටුගොඩ ප්‍රදේශයේ වත්තක අඩි 60ක පමණ උසින් යුත් ගසක පොල් කඩා යළි බසිමින් සිටියදී මෙම මරණය සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොල් ගසේ සිට අඩි 35ක් පමණ පහතට බසිමින් සිටියදී ඔහු නතර වීම සම්බන්ධයෙන් වත්තේ හිමිකරු විමසිලිමත් වීමේ දී මිය ගිය පුද්ගලයා අඩි 25ක පමණ වූ උසින් පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසේ කරුව අසල හිඳගෙන සිටින ආකාරය දැක කතා කළ ද ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

අනතුරුව මියගිය අයගේ පවුලේ ඥාතීන්ට ඒ බව දැනුම් දී ඔවුන් ද එම ස්ථානයට කැඳවා පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා ද එම ස්ථානයට කැඳවා ඔහුගේ නියෝග මත මළ සිරුර බිමට ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.