26.1 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

පවතින අධික වර්ෂාපතනයත් සමග කොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හපුතලේ බෙරගල ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇති බවයි.

එම ප්‍රදේශයට නැවත දැනුම් දෙන තෙක් ගමන් නොකරන ලෙසට සහ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට සහ ජනතාවට දැනුම්දී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හපුතලේ ඉහළ කඳුකර ප්‍රදේශවලට පැවති අධික වර්ෂාව හමුවේ ජල පහරවල් සක්‍රිය වීම හේතුවෙන් නායයාම් කිහිපයක් සිදුවී ඇති බවයි.

එක් නායයාමක් ඉවත් කිරීමට විදුලිබල මණ්ඩල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

අනතුරුව හපුතලේ නගරය ආසන්නයේදී නායයාමක් සිදුවූ අතර එය ඉවත් කිරීමේ කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.