27.2 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherතද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිතදිග සහ ඊට යාබද ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා අද (21) පස්වරු 2.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (22) පස්වරු 2.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට බංග්ලාදේශය වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

උතුරු අක්ෂාංශ 10 සහ 20ත් නැගෙනහිර දේශාංශ 84 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා වැඩිවිය හැකියි.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

උතුරු අක්ෂාංශ 10 සහ 20ත් සහ නැගෙනහිර දේශාංශ 84 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.