― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportදකුණු අප්‍රිකාවට ලකුණු 229ක විශිෂ්ඨ ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 229ක විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 229ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 399ක් රැස් කළා. Heinrich Klaasen ලකුණු 109ක් ලබා ගත්තේ 4 පහර 12ක් සහ 6 පහර 4ක් සමගින්.

Marco Jansen නොදැවී ලකුණු 75 යි. Reeza Hendricks ලකුණු 85ක්, Rassie van der Dussen ලකුණු 60ක් සහ නායක Aiden Markram ලකුණු 42ක් බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Reece Topley කඩුලු 3ක්, Gus Atkinson සහ Adil Rashid කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 400ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 22ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 170ක් පමණයි. Mark Wood පන්දු 17කින් ලකුණු 43ක් ලබා ගත්තා. Gus Atkinson ලකුණු 35යි.

පන්දු යැවීමේදී Gerald Coetzee එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලුවා. Lungi Ngidi සහ Marco Jansen කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකා කණ්ඩායමේ Heinrich Klaasenට හිමිවුණා.

එක්දින ක්‍රිකට්වල එංගලන්තය ලැබූ දරුණුතම පරාජය මෙය ලෙසටයි ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ.