27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට

හොරොව්පොතාන පරංගියාවාඩිය මාර්ගයේ හතරෙ කණුව සහ පහේ කණුව අතර වෙල්යාය ආසන්නයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ පුද්ගලයෙකු වැටී සිටින බවට අද අලුයම 2ට පමණ පරංගියාවාඩිය සිට කොළඹ දක්වා යන බස් රථයේ ගමන් ගත් පිරිසක් විසින් හොරොව්පොතාන පොලිසියට කළ දැනුවත් කිරීමකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

අලුයම 3.30ට පමණ එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් බිම වැටී සිටි පුද්ගලයා හොරොව්පොතාන දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු රෝහල් ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවටයි හොරොව්පොතාන දිසා රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස වන අලි පහරට ලක්ව මියගොස් සිටි පුද්ගලයා පරංගියාවාඩිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් වන අතර ඊයේ (20) රාත්‍රී පරංගියාවාඩිය සිට හොරොව්පොතාන නගරයට යතුරුපැදියෙන් පැමිණ පැත්තේ භාණ්ඩ මිලදී ගැනීමට බව සඳහන්.

ඒවා මිලදීගෙන නැවත නිවසට යමින් සිටි අතරවාරයේ දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහය හොරොව්පතාන දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.