27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ලක්නව් හිදී නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 5කින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

Sybrand Engelbrecht ලකුණු 70ක් සහ Logan van Beek ලකුණු 57ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක සහ කසුන් රාජිත කඩුලු 4ක් බැගින් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 263ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 89ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 54යි. චරිත් අසලංක ලකුණු 44ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 30ක් රැස් කළා.