24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සහ හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට

අයිස් සහ හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට

යිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (21) දහවල් ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් සපුගස්කන්ද මාකොළ ප්‍රදේශයේ වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 32ක් හෙරොයින් ග්‍රෑම් 506ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

මෝටර් රථයක ව්‍යාජ අංක තහඩු දෙකක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 2ක්, ජංගම දුරකතනයක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය භාරදී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙතටයි.

මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 43 හැවිරිදි අයෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා.