27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ බදුල්ල මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

කොළඹ බදුල්ල මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

ඊයේ පැවති දැඩි වර්ෂාපතනය සමග නායයාම් සහ ගල් පෙරලීම් හේතුවෙන් තාවකාලිකව වදා දැමුණු කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටස යළි විවෘත කර තිබෙනවා.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද උදෑසන වන විට මාර්ගයට වැටී තිබූ ගල් සහ පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

මාර්ගයේ තැනින් තැන ගල්පර්වත සමග පස් කඳු කඩා වැටීම සහ විශාල ජල පහරක් මාර්ගය ඔස්සේ ගලා යාම හේතුවෙන් වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම ඇන හිට තිබුණා.

මෙම ප්‍රදේශයේ කඳුකර කදුකර මාර්ග භාවිතා කිරීමේදී විමසිලිමත්වන ලෙසට සහ අවදානම් කලාපවල සිටින ජනතාව නායයාමේ පූර්ව ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.