25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොවියන්ට වායු රයිෆල්

ගොවියන්ට වායු රයිෆල්

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගොවිජනතාව වෙත වායු රයිෆල් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී පැවති මෙම වැඩසටහනේ දී ගොවි ජනතාව වෙනුවෙන් වායු රයිෆල් 268ක් බෙදාදීම සිදු කෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ වගාවලට වන සතුන් ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බවයි.

රිළවා, මොණරා සහ දඬුලේනා යන සතුන් ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව‍ත්, මේ හේතුවෙන් රිළවුන් ලක්ෂයක් චීනයට ලබාදීමේ ව්‍යාපෘතියක් තමන් මීට පෙර ගෙන ආ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඇතැම් පාර්ශ්ව මැදිහත්ව එම ව්‍යාපෘතියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.