27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනුවර වැවේ දිය නෑමට ගිය කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

නුවර වැවේ දිය නෑමට ගිය කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, නුවර වැවේ දිය නෑමට ගිය අවුරුදු 6ක් වයසැති දරුවෙකු දීයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලිගමුව දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

පසුගිය 20 වනදා පවුලේ සාමාජිකයන් 5 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අනුරාධපුරයට වන්දනාවේ පැමිණ ඇති අතර එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දිය නෑම සඳහා ඔවුන් නුවර වැවට ගොස් තිබෙනවා.

අවුරුදු 6ක් වයසැති මෙම දරුවා නෑවීමෙන් අනතුරුව වැව් බැම්ම මත තබා මව, පියා සහ සහෝදරයින් දිය නාමින් සිට ඇතැයි සඳහන්. අනතුරුව මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටියදී ඇලට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් එම ස්ථානයේ සිටි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ දරුවා බේරා ගෙන කෘතිම ශ්වසනය ලබා දෙමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසුවූ මෙම දරුවා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම ස්ථානයේ සොරොව්ව අඩි 8ක් පමණ ගැඹුරු හා දිග අඩි 50ක් පමණ වන බවයි.

මෙම ස්ථානයේ දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබියදී දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම මරණය සිදු වූ බව ද පොලිසිය පවසනවා.