26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශිකයෙකුට ගජමුතු විකුණන්න යද්දී පොලිස් දැලේ පැටලෙයි

විදේශිකයෙකුට ගජමුතු විකුණන්න යද්දී පොලිස් දැලේ පැටලෙයි

ඉතා දුර්ලභ ඝණයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු 06ක් විදේශීකයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසනවා.

අදාළ පුද්ගලයා විසින් මෙම ගජමුතු රුපියල් කෝටි 60ක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

ගජමුතු 06ක් විදේශීකයෙකුට අලෙවි කිරීමට යන බවට පොලිසියට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනුරාධපුර, නොච්ච්යාගම ප්‍රදේශයෙන් මෙම ගජමුතු රැගෙන ආ බවයි පවසා ඇත්තේ.

ලංකාවේ මෙතෙක් හදුනාගෙන ඇති වැඩි බරකින් යුත් ගජමුතු දෙකක් ද මේ අතර වන බවයි වාර්තා වුණේ.