31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැමිල්ටන් ඇලේ නාඳුනන මළ සිරුරක්

හැමිල්ටන් ඇලේ නාඳුනන මළ සිරුරක්

අබිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් නාත්තන්ඩිය ප්‍රදේශයේ හැමිල්ටන් ඇල් තිබී සොයා ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුක් අනුව මෙම සිරුර සොයා ගෙන පොලිස් විමර්ශන ආරම්භ කර ඇත්තේ.නාත්ත්තන්ඩිය – වලහාපිටිය මාර්ගයට යාබදව ඇති හැමිල්ටන් ඇලේ තිබී මෙම සිරුර හමුවී ඇති අතර දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට සක කෙරෙන මෙම සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනා ගෙන නැහැ.

හලාවත කොට්ඨාස විශේෂ අපරාධ නිරීක්ෂණ නිලධාරීන් පැමිණි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සහ හඳුනා ගැනීම සඳහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.මාරවිල පොලිසියයි වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන්නේ