30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැහැරගෙන යමින් සිටි ව්‍යාපාරික කත මෝටර් රථයෙන් එළියට පැන හැංගිලා

පැහැරගෙන යමින් සිටි ව්‍යාපාරික කත මෝටර් රථයෙන් එළියට පැන හැංගිලා

කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව අද (23) අලුයම් කාලයේ දී මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරක් වාර්තා වනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කල්පිටිය, පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෝටර් රථයකින් පැමිණි පිරසක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව කාන්තාව පැහැරගෙන ගිය මෝටර් රථය ආණමඩුව පොලීසිය මඟින් අද (23) අලුයම සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

අදාළ මෝටර් රථය පාලාවිය – මුන්දලම හරහා ආණමඩුව දෙසට ගමන් කරමින් සිටින බවට කල්පිටිය පොලීසියට ලැබුණු ඔත්තුවක් මත එය අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලීසිය අවට පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම්දීම අනුවයි ආණමඩුව පොලීසිය මඟින් අදාළ මෝටර් රථය සිය භාරයට ගෙන ඇත්තේ.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ සිටි අයෙකු පළාගොස් ඇති අතර, රථය පදවාගෙන ආ රියදුරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අදාළ මෝටර් රථය මඟින් පැහැරගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාව ආණමඩුව, වඩත්ත ප්‍රදේශයේ දී මෝටර් රථයේ වේගය අඩුවන අවස්ථාවේ ඉන් පිටතට පැන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස මෝටර් රථයෙන් පිටතට පැන සැගවී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන අදාළ කාන්තාව ආණමඩුව පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව සඳහන්.

කාන්තාව පැහැරගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ පොලිස් භාරයට ගෙන ඇති කාන්තාව වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.