27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබසයෙන් හිස එළියට දැමූ කාන්තාවක් ජීවිතක්ෂයට

බසයෙන් හිස එළියට දැමූ කාන්තාවක් ජීවිතක්ෂයට

මින්නේරිය හබරණ ප්‍රදේශයේ 38 වන සැතපුම් කණුව අසන්නේ කාන්තාවක් වමනේ දැමීමට හිස එළියට දැමිමේ දී ඉදිරියෙන් පැමිණි ලෝරි රථයක ගැටී බරපතළ තුවාල ලබා එම කාන්තාව මියගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කතරගම සිට අනුරාධපුර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ගමන් කරන අතරතුර මෙම අනතුර සිදු ව තිබෙන්නේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.