23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමවකගේ සහ අවුරුදු 07ක දරුවාගේ සිරුරු ළිඳකින් ගොඩගනී

මවකගේ සහ අවුරුදු 07ක දරුවාගේ සිරුරු ළිඳකින් ගොඩගනී

වයස අවුරුදු 37ක මවකගේ සහ එම මවගේ වයස අවුරුදු 07ක කුඩා දරුවාගේ සිරුරු වාරියපොළ, වල්පොල ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ මොවුන් දෙදෙනාගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මව සහ දරුවා ඊයේ පස්වරුවේ දින නෑම සඳහා ළිඳ වෙත ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඥාතීන් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අදාළ ළිඳ අසළ සිදුකළ සෝදිසි කිරීමේ දී ඔවුන් දෙදෙනාගේ ඇඳුම් සහ පාවහන් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ළිඳේ වතුර ඉවත්කර බැලීමේ දී ළිඳ තුළ තිබී මෙම මවගේ සහ දරුවාගේ සිරුරු සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඊයේ (22) මධ්‍ය රාත්‍රියේ දී මෙම සිරුරු සොයාගෙන ඇති අතර, සොයාගත් සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.

මෙලෙස මියගොස් සිටින වයස අවුරුදු හතේ කුඩා දරුවාගේ උපන්දිනය ද හෙට (24) දිනයට යෙදී ඇති බවයි තොරතරු වාර්තා වුණේ.