― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෘදු මත්පැන් ගැන අධිකරණය දුන් නියෝගය

මෘදු මත්පැන් ගැන අධිකරණය දුන් නියෝගය

සංචාරක කලාපවලට සහ පිටස්තර ප්‍රදේශවලට නිකුත් කර තිබෙන මෘදු මත්පැන් බලපත්‍ර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව හෙට(24) දින දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද පාර්ශ්වකරුවන්ට දැනුම්දුන්නා.

ශ්‍රී ලංකා රට බීම හල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් ගොනුකළ රිට් පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දියි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණයට කරුණු දක්වමින් යෝජිත බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුකූල ව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශ මත සංචාරක කලාපයට පමණක් නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ නම් එම කරුණ මත මෙම නඩුකරය සමථයකට පත්කර ගැනීමට තම පාර්ශ්වය සූදානම් බව දැනුම් දුන්නා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ කරුණ මත මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාවක් තිබේ දැයි වගඋත්තරකරුවන්ගෙන් ලිඛිත ව උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල විසින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියට නියම කළා.

නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හෙට දින දික් දක්වා දීර්ඝ කරන බව ද විනිසුරු මඬුල්ල මෙහිදී නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.