― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅලුබෝමුල්ලේ පිහි ඇනුමක් – අයෙක්ට බරපතළයි

අලුබෝමුල්ලේ පිහි ඇනුමක් – අයෙක්ට බරපතළයි

වෙළෙඳසැලකට අලෙවි කිරීමට ගෙන ආ කතුරුමුරුංගා මිටි මිල දී ගැනීම එම වෙළෙඳසැල් හිමිකාරිනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් උරණ වූ එය රැගෙන ආ වයෝවෘද්ධ තැනැත්තෙක්, වෙළෙඳසැල් හිමිකාරිනියට පහරදීමට නොහැකි වීමෙන්, එම වෙළෙඳසැලට පැමිණ සිටි වෙනත් පාරිභෝගිකයෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පහරකෑමෙන් 73 හැවිරිදි පාරිභෝගිකයා බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අලුබෝමුල්ල පොලිසිය සඳහන් කළේ පහර දුන් තැනැත්තා 74 හැවිරිදි අයෙක් වන අතර, සිද්ධියෙන් පසුව පලා ගොස් සිටි සැකකාර පුද්ගලයා ව කුරුස හන්දියේ දී පොලිස් භාරයට ගත් බවයි.

ඒ සමග ම තුවාලකරුට පහර දුන්නා යැයි පැවසෙන පිහිය ද සොයාගෙන තිබෙනවා.

සැකකරු කුලී රැකියා කරන්නෙකු වන අතර කුලී වැඩ නොමැති අවස්ථාවල දී විවිධ දෑ විකුණා මුදල් සෙවීම සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඊයේ (24) දින සැකකරු කතුරුමුරුංගා මිටි පහක් රැගෙන පානදුර – අලුබෝමුල්ල, කුරුස හන්දියයේ රුද්‍රිගු මාවත ප්‍රදේශයේ ඇති සිල්ලර වෙළඳසැලකට පැමිණ වෙළඳසැල් හිමිකාරියගෙන් කතුරුමුරුන්ගා මිල දී දන්නවා දැයි විමසා තිබෙනවා.

එම අවස්ථාවේ දී වෙළෙඳසැල් හිමිකාරිය ”අපෝ එපා.. එපා…! ඔය මේ පාරේ අයින්වල තියෙන ගස්වලින් කඩාගෙන ඇවිල්ලා අපිට උත්තර දෙන්න වෙයි ඕව අරගෙන යැයි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් ආවේගශීලි වූ සැකකරු ”ඇයි මගෙන් ගන්නේ නැත්තේ?..” යැයි පවසමින් ඉනේ තිබුණ පිහියත් රැගෙන වෙළඳසැල තුළට කඩා වැදී හිමිකාරිය අසලට යාමත් සමග ම ඇය ඇතුළට දිව ගොස් දිවි බේරාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී බිත්තර මිල දී ගැනීම සඳහා වෙළෙඳසැලට ආ පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයකුට සැකකරු විසින් උදර ප්‍රදේශයට පිහියෙන් ඇන පලා ගොස් ඇති බවයි සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි ව ඇත්තේ.

74 හැවිරිදි සැකකරු කුරුස හන්දිය – ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.