26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සුබදායී ආරංචියක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉහත වයස් සීමාව ඉක්ම වූ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද සම්බන්ධයෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එම තීරණයට අනුව එලෙස අය කළ ආදායම් බද්ද ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සැකසීමටයි රජය තීරණය කර තිබෙන බවට වාර්තා වන්නේ.

ඒ අනුව බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩු කරන ලද 05%ක් වූ අත්තිකාරම් බද්ද ඔවුන්ට යළි ලබාදීමේ යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අවධානයට ගෙන තිබෙනවා.

මේ යටතේ මෙම මුදල යළි ලබා ගැනීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 60 හෝ එය ඉක්ම වීම, වාර්ෂික ආදායම රුපියල් 1,200,000 නො ඉක්මවන සහ සිය පොලී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද අඩු කර ඇති සියලු ම ජ්‍යේෂ්ට පුරවැසියන් මීට සුදුසුකම් ලබනු ඇති.