30 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකුට තුවාල

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකුට තුවාල

සතුන්ට අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී වයස අවුරුදු 15ක දරුවෙක් තුවාල ලබා තිබෙනවා.

මීගලෑව පොලිසිය සඳහන් කළේ ඊයේ (23) සවස් කාලයේ මෙම දරුවා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ දරුවා මීගලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වගාවකට සිටුවීම සඳහා ඉනි කිහිපයක් කපා ගැනීමට නිවස ආසන්නයේ පිහිටි කැලෑ බද ප්‍රදේශයකට යහළුවන් දෙදෙනෙකු සමඟ ගොස් ඇති අවස්ථාවේ දරුවා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස වෙඩි වැදී ඇති දරුවා මීගලෑව, වීරගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.