27 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportමතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට

මතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

දකුණු උරහිසේ ඇති වූ අබාධයක් හේතුවෙන් මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ඇති බවටයි.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණි, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන යළි කණ්ඩායම සමඟ එක් වී ඇති බව වාර්තා වනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය එංගලන්තය සමඟ බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම් අරඹා ඇති බවයි වාර්තා වුණේ.