පෙර වසරට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා පහළ වැටී තිබෙනවා.
එය ප්රතිශතයක් වශයෙන් 11.88%ක් ලෙසයි වාර්තා වන්නේ.
2023 අගෝස්තු මාසයට සාපේක්ෂව එය 14.94% ක අඩුවීමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
ඒ අනුව ඇඟලුම්, රෙදිපිළි, රබර් සහ පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම පහළ වැටී ඇති බවයි මහ බැංකුව පවසන්නේ.