― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහිටපු ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මරුට

හිටපු ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මරුට

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ ඔහුගේ මළසිරුර අද වලල්ලාවිට – බෝපිටිය ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි.

ප්‍රදේශයේ ඇති ඇළකට ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයි. ඒ. වීරසිරි නමැති 70 හැවිරිදි අයෙක්.

හිටපු මන්ත්‍රීවරයා වැලිපැන්න – ඌරගොඩ ප්‍රදේශයේ ඔහුගේ මිත්‍රයෙකුගේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක් ව තිබෙනවා.

ඔහු අතුරුදන් බවට ඊයේ වැලිපැන්න පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු හෙයින් සිදු කළ විමර්ශනයකදියි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිරුර දියෙහි තිබී සොයාගෙන ඇත්තේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.