කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳසැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
වැල්ලවත්ත පොලිසිය පැවසුවේ සොරාගත් පැරණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3ට අධික බවයි.
ඉකුත් සැප්තැම්බර් මස 09 වනිදා හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවටයි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.
වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳපොළේ හතර වෙනි මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබේ.