― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

කෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකසා රාජ්‍ය බැංකුවක් හරහා ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ හිඳගල පදිංචි විශ්‍රාමික විදුහල්පතිනියක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අවස්ථා 26කදී පුද්ගලයින් 26 දෙනෙකුගේ නම් භාවිත කරමින් ව්‍යාජ ලේඛන සකසා මෙම මූල්‍ය වංචාව සිදුකර තිබේ.

රාජ්‍ය බැංකුවක් විසින හඳුන්වාදී ඇති ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර ප්‍රාදේශයට අයත් ශාඛා කිහිපයකින් මුදල් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

එහිදී පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කර ඇත්තේ අවස්ථා 26කදී පුද්ගලයින් 26 දෙනෙකුගේ නම් භාවිත කරමින් ව්‍යාජ ලේඛන සකසා රුපියල් හාරකෝටි විසිලක්ෂ පනස්පන් දහසක මුදල් වංචාවක් සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මහජන පැමිණිලි අංශයේ විමර්ශන ක්‍රියාත්මක අතර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.