28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපස් කන්දක් කඩා වැටී මාර්ගයක් වැසේ

පස් කන්දක් කඩා වැටී මාර්ගයක් වැසේ

පවතින අධික වර්ෂාව සමග පස් කන්දක් කඩා වැටීමෙන් බලංගොඩ හැටන් මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පින්නවල ප්‍රදේශයේදී අද දහවල් ගස් සහ ගල් ද සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවයි.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය පහකට වැඩි කාලයක් සම්පුර්ණයෙන්ම ඇන හිට තිබෙනවා.

ඉහළින් තවත් අවදානම් පස් කඳු කිහිපයක් පවතින බැවින් වර්ෂාව හේතුවෙන් පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීම ප්‍රමාද වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මාර්ගය අවහිර වීම හේතුවෙන් රියදුරන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම ස්ථානයෙන් මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙන බවයි