29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාපාරිකයෙක්ට තර්ජනය කර කප්පම් ඉල්ලූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙක්ට තර්ජනය කර කප්පම් ඉල්ලූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට දුරකථනයකින් ආ ඇමතුමකින් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඒ කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ ව්‍යාපාරිකයා ව ඝාතනය කරන බවට තර්ජනය කරමින්, මුදල් ඉල්ලූ බවටයි පොලිසියට පැමිණිල්ල ලැබී ඇත්තේ.

මෙම තර්ජනය ඊයේ සවස් කාලයේ දී සිදු ව ඇත්තේ මුල්ලේරියාව – දෙල්ගහවත්ත ප්‍රදේශයේ වෙසෙන ව්‍යාපාරිකයෙකුටයි. නාඳුනන කප්පම්කරු විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ සවස් කාලයේ දී සිදු ව ඇති අතර වහාම මුල්ලේරියාව පොලිසිය විමර්ශන සඳහා ක්‍රියාත්මක වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

පැය 24ක් ගතවීමටත් පෙර අදාළ කප්පම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා. මොහු 51 හැවිරිදි දෙල්ගහවත්ත – අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් හෙතෙම විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙලෙස වරින්වර කප්පම් මුදල් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.