― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවෙළෙඳසැලකදී හිමිනමකට පහර දුන් අයෙක් අත්අඩංගුවට

වෙළෙඳසැලකදී හිමිනමකට පහර දුන් අයෙක් අත්අඩංගුවට

හලාවත නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළ දී හිමි නමකට පහර දී රුපියල් ලක්ෂ 48 ක් පමණ වටිනා යුරෝ සහ ශ්‍රී ලංකා මුදල් කොල්ල කන ලද බව කියන පුද්ගලයෙකු ව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වුඩ්ලන්ඩ් වත්ත පදිංචිකරුවෙකුයි.

ඉකුත් 21 වෙනිදා සවස හලාවත නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට පැමිණ ඇති හිමි නමක් එහි තිබූ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

හිමිනම විසින් භාණ්ඩ මිලට ගන්නා ආකාරය සැකකරු විසින් තම අත තිබූ ජංගම දූරකථනයකින් වීඩියෝගත කර තිබෙනවා. හිමිනම ඊට විරෝධය පළ කර ඇති අතර දෙදෙනා අතර ගැටුම සිදු වී ඇත්තේ එම අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී සැකකරු හිමිනමට පහර දී උන්වහන්සේ සතුව තිබූ බෑගයක්ද රැගෙන පලා ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එම බෑගයේ රුපියල් ලක්ෂ 48 ක් පමණ වන යූරෝ සහ ශ්‍රී ලංකා මුදල් තිබූ බව සිද්ධියට මුහුණ දුන් කරවිටාගාරයේ ධම්මකිත්ති හිමියන් පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සිදු කර ඇති විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. සැකකරු 2019 වර්ෂයේදී යුද හමුදා විශේෂ බලකායට බැඳීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් ශරීර යෝග්‍යතාව අසමත් වීම හේතුවෙන් ඉන් ඉවත් කර ඇති බවට ද හෙළි ව තිබෙනවා. සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද යුද හමුදාවේ පුහුණුවීම් ලද බවට වන සහතිකයක්, යුද හමුදා සාමාජිකයින් භාවිතා කරන කැලෑ ඇඳුම් කට්ටලයක්, සෙල්ලම් පිස්තෝල 02 ක් ද, පොලිස් භාරයට ගැනුණා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.