― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසැණකෙළියේ හමු වූ හිතවතිය සොයා ගිය තරුණයාට අමතක නොවන පාඩමක්

සැණකෙළියේ හමු වූ හිතවතිය සොයා ගිය තරුණයාට අමතක නොවන පාඩමක්

දින කිහිපයකට පෙර හිතවත් වූ තරුණියක් හමුවීම සඳහා පැමිණි අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ඉතා සූක්ෂම ලෙස මිල්ලනිය ප්‍රදේශයට ගෙන්වාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඔහු පාළු නිවසකට රැගෙන ගොස් ගෙල බැඳි රන් මාලය ඇතුළු දේපළ රැසක් කොල්ල කෑමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

කොල්ල කෑ දේපල අතර පවුම් දෙකක් පමණ බර රන් මාලය, ස්මාර්ට් ජංගම දුරකථනය, යතුරුපැදිය හා මුදල් පසුම්බිය වන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා කුරුණෑගල අලකොලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට මාසයකට පමණ ඉහතදී හොරණ ප්‍රදේශයේ ආයතනයක අළෙවි පවර්ධන නිලධාරියෙකු ලෙස සේවය සඳහා පැමිණ තිබෙනවා.

පසුගිය 21 වනදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනට සමගාමීව වෙළෙඳ කුටියක් අරඹා එම වෙළඳ කුටියේ ප්‍රදර්ශන කටයුතුවල නිරත වන අවස්ථාවේදී අසළ වෙළඳ කුටියේ සිටි තරුණියක් සමග හිතවත්කමක් ඇති කරගෙන තිබූ බව සඳහන්.

එම හිතවත්කම මත එම ස්ථානයේ සිටි ඇයගේ ඥාතිවරයෙකු ද හඳුනාගෙන තිබූ අතර එම පුද්ගලයා අලෙවි ප්‍රවර්ධන නිලධාරියාගේ දුරකථනයට ඇමැතුමක් ගෙන තරුණිය හමුවීම සඳහා මිල්ලනිය ප්‍රදේශයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අලෙවි ප්‍රවර්ධන නිලධාරියා මිල්ලනියට ගොස් ඇය බැලීමේ අරමුණින් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට ද තම යතුරු පැදියේ පිටුපස නංවාගෙන ගමන් කරමින් සිටියදී පිටුපස සිටි පුද්ගලයා ඔහුගේ ගෙළට පිහියක් තබා ඔහු කියන ස්ථානයට යා යුතු බවට පවසා තර්ජනය කර තිබූ බව හෙළිවී තිබෙනවා.

එලෙස මද දුරක් යද්දී තවත් යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර මිල්ලනිය ප්‍රදේශයේ රබර් වත්තක පිහිටි පාළු නිවසකට ඔහු රැගෙන ගොස් පහර දී පැළඳ සිටි රන් මාලය ඇතුළු අනෙකුත් දේපළ කොල්ලකා ඔහුගේම යතුරුපැදියෙන් හොරණ නගරයට ඇරලවා පළා ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

අනතුරුව අලෙවි ප්‍රවර්ධන නිලධාරියා හොරණ මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන දිනකට පසු රෝහලෙන් පිටවී මිල්ලනිය පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල ලැබුණු වහාම ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් තරුණියගේ නිවස සොයා ගොස් සිදු කළ සොයා බැලීමේදී ඇය මේ පිළිබඳ කිසිවක් නොදන්නා අතර ඇයගේ ඥාතියා වන ප්‍රධාන සැකකරු ප්‍රදේශය හැර පලාගොස් ඇති බවටයි ද පොලිසියට හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.