28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැප්තැම්බරයේ දැරියන් 168ක් අපයෝජනයට ලක්වෙලා

සැප්තැම්බරයේ දැරියන් 168ක් අපයෝජනයට ලක්වෙලා

පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (24) පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීයි.

එමෙන්ම ඉන් ගැහැණු දරුවන් 22කු ගැබ් ගැනීම් සිදු වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර අත්නි බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තයන්ට අනුව 2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව එකොලොස්දහසකි.

2022දී වාර්තා වූ සියලු ළමා අපයෝජන සිදුවීම් අතුරින් 41%ක් ලිංගික අපයෝජනයන් වේ.