28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධීවරයින්ගේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර

ධීවරයින්ගේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර

කොළඹ වාණිජ මහාධිකරණය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය වෘත්තියට ඇතිවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සංශෝධනය කිරීමට අවසර ලබාදී තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසර ලබාදී තිබුණි.

අදාළ නෞකාව තුළින් පාරිසරික හා සියලු වෘත්තිය ක්ෂේත්‍රයන්ට ඇතිවූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 6.7 ක් වශයෙන් තක්සේරු කර තිබෙන බව සඳහන් වන බැවින් සිය වෘත්තියට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙස ඉල්ලමින් ධීවර ප්‍රජාව විසින් මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.