මේ වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසා තිබෙනවා.
රේගු අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු පවසන්නේ 2017 සිට 2023 දක්වා බිලියන 742ක ආදායම් රැස්කිරීම සිදු කර ඇති බවයි.