26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට කඩුළු 8ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට කඩුළු 8ක විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති මූලික වටයේ 25 වන තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ben Stokes ලකුණු 43 ක් හා Jonny Bairstow ලකුණු 30 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 26 වන පන්දුවාරය තුල කඩුලු 2ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී නොදැවී පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 77 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් David Willey කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.