26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට එන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව තිබෙනවා.

ඒ මීට ටික වේලාවකට පැවති එංගලන්තයට එරෙහි ව පැවති තරගය කඩුලු 08කින් විශිෂ්ට ලෙස ජය ගනිමින්.

අද තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවූයේ ප්‍රසාද ලකුණු 02ක් පමණක් අතැතිව 7 වැනි ස්ථානයේ යි.

ඊට ඉහතින් ඇෆ්ගනිස්ථානය ද, පහළින්, වත්මන් ලෝක ශූර එංගලන්තය ද සිටියා.

නමුත් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අනුව ලැබූ ජයග්‍රහණයත් සමගින් ඔවුන්ට මේ වනවිට ස්ථාන 02ක් ඉදිරියට ඒමට හැකි ව තිබෙනවා.

ඔවුන් මුහුණ දුන් තරග 05න් දෙකක් ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 04ක් හිමිකරගෙන සිටිනවා.

මෙම පරාජයත් සමගින් එංගලන්තය ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පසුබැස්සා.

මීළඟට ශ්‍රී ලංකාවට මුහුණ දීමට ඇති 6 වැනි තරගය එළඹෙන 30 වැනි දින පූනේ හිදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙනු ඇති.