29 C
Colombo
Saturday, December 9, 2023

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සංගම් දෙකක් ගැටෙයි – 7ක් අත්අඩංගුවට

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් අතර අද (27) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.

ගැටුමට සම්බන්ධ කාන්තාවන් 7 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි වවුනියාව පොලිසිය සඳහන් කළේ.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය යන නමින් වූ සංවිධාන දෙකක් අතර ගැටුම හටගෙන තිබෙනවා.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය නමින් පෙනී සිටින සංවිධානයක් විසින් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමය වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට සුදානම් වීම සමඟ ගැටුම හට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමය නමින් වන සංවිධානයක නියෝජිතයින් පිරිසක් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමය ලෙසට සංවිධානයක් පවත්වා නිලධාරි මණ්ඩලයක් සිටින අවස්ථාවක, උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය නමින් වන සංවිධානයක් වවුනියාව දිස්ත්‍රික්කයට නව අතුරුදහන්වූවන්ගේ සංගමයක් පිහිටුවා නව නිලධාරීන් පත් කිරීමට සුදානම් වන බවයි.

නව සංවිධානයක් බිහි කිරීමට තමන් කිසිදු අවස්ථාවක් නොදෙන බව වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ නියෝජිතයින් අවධාරණය කර තිබෙනවා.

වවුනියාව නගර සභා ශාලාව දෛනික කුලී පදනම මත ලබාගත් උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය වවුනියාව දිස්ත්‍රික්කයට නව නිලධාරීන් පත් කිරීමට සුදානම් වූ අවස්ථාවේ දෙපිරිස අතර බහින් බස්වීමක් හට ගැනුණා.

වවුනියාව නගර සභා නිලධාරීන් දෙපිරිස අතර ගැටුම හටගත් අවස්ථාවේ සිය පරිශ්‍රය තුළ කිසිදු ආකාරයක ගැටුමක් ඇතිවීමට ඉඩ නොදෙන බැවින් නගර සභා පරිශ්‍රයෙන් අදාළ දෙපාර්ශවයම ඉවත් කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ අතුරුදහන්වූවන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවට පවසා ඇතැම් සංවිධාන මුදල් ඉපැයීමේ මාර්ග සකස් කර ගනිමින් සිටින අතර, අතුරුදහන්වූවන්ගේ සංවිධාන නමින් උතුරු නැගෙනහිර පවතින සංවිධාන රැසක් අභ්‍යන්තරයේ විවිධ ගැටුම් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලක් මත වවුනියාව පොලිස් නිලධාරීන් පැමිණ ගැටුමට හේතුවු පිරිසෙන් කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

කෝටි 07ක් හා පිස්තෝලයක් සමඟ පිරිසක් රිමාන්ඩ්

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ රුපියල් කෝටි 7 අධික මුදලක් සන්තකයේ තබා ගෙන කොළඹ මල් පාරේ සිනමන් රෙඩ් හෝටලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බව බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා...

සුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට (09) සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here