26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැලේසියාවේදී මියගිය යුවළගේ දේහයන් අද ලංකාවට

මැලේසියාවේදී මියගිය යුවළගේ දේහයන් අද ලංකාවට

මැලේසියාවේ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණ යුවලගේ මෘත දේහ අද දිනයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

අදාළ මරණයන් සම්බන්ධයෙන් සිදු විය යුතු නීතිමය කටයුතු සිදු කර අවසන් බැවින් අද පස්වරුව වන විට මෘතදේහ මෙරටට හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ, එම මියගිය යුවලගෙ සිව්මස් හැවිරිදි දියණියද අද දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත බවයි.

දැනට ඇය ඔවුන්ගේ ඥාතිවරයෙකුගේ භාරයේ පසුවනවා. පසුගිය 21 වැනිදා වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මෙම අඹුසැමි යුවල මැලේසියාවේ දී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඔවුන් රැකියා සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ පූර්ණ අවසරය මත විදෙස්ගත වූවන්.

මියගිය දෙපළ ගාල්ල – වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වාර්තා වනවා.