29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් බුද්ධි අංශ නියෝජ්‍ය ප්‍රධානියා මරුට

හමාස් බුද්ධි අංශ නියෝජ්‍ය ප්‍රධානියා මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානී Shadi Barud මියගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි.

Shadi Barud හමාස් සංවිධානයේ බලඇණි කිහිපයක්ම මෙහෙයවූ අයෙකු වන අතර ඔහු එම සංවිධානයේ බුද්ධි අංශයෙහි විවිධ තනතුරු දරා තිබෙනවා.

එමෙන්ම පසුගිය 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ද Shadi Barud විසින් සැලසුම් කරන ලද්දක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.