23.9 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි ධාවනයට

සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි ධාවනයට

තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි ආරම්භ කෙරේ.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පැවසුවේ එම දුම්රිය සති අන්ත දිනවල ධාවනයට එක් කරන බවයි.

පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දුම්රිය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඒ අනුව මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ධාවනය කෙරෙනු ඇති.

හෙට උදෑසන 8.25 ට කොළඹ කොටුවෙන් එය ගමන් ආරම්භ කිරීමට නියමිතය.

එය පස්වරු 6.50 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතය.