28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 50ක් ජීවිතක්ෂයට

හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 50ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවකදී හමාස් සංවිධානය විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.

නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි.

ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කළේය.

එලෙස පැහැරගත් පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.