― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ 7 හෙරොයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

කොළඹ 7 හෙරොයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

කුරුඳුවත්ත පොලිස් වසමේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (26) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ඒ අනුව කුරුඳුවත්ත පොලිස් වසමේ, ටොරින්ටන් මාවත, කොළඹ 07 ප්‍රදේශයේදී 33 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 500 ක්, ඩිජිටල් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 9,200 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.