23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැන්ගරුවන්ට ලකුණු 5ක තියුණු ජයක්

කැන්ගරුවන්ට ලකුණු 5ක තියුණු ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වුණි.

එම තරගය ලකුණු 05කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 389කි.

එම ඉලක්කය හඹා ගිය නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 383ක් පමණි.