― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඑංගලන්තයට ලකුණු 100ක දැවැන්ත පරාජයක්

එංගලන්තයට ලකුණු 100ක දැවැන්ත පරාජයක්

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී වත්මන් ලෝක ශූරයින් වන එංගලන්තයට පස්වන තරග පරාජයට උරුමකම් කියන්නට අද සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ ඉන්දියාව සමඟ අද (29) පැවති තරගයේ දී ලකුණු 100ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවීමත් සමඟයි.

ලක්නව් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 229කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට නායක රෝහිත් ශර්මා සමත් වුණේ ලකුණු 87ක් රැස්කරමින්.

ඊට අමතරව ලෝකේෂ් රාහුල් ලකුණු 39ක් සහ සූරියකුමාර් යාදෙව් ලකුණු 49ක් ඉන්දීය ලකුණු පුවරුවට එක්කළා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී ඉන්දීය ඉනිමේ කඩුලු තුනක් දවාගැනීමට සමත් වුණා.

අනතුරුව පන්දු 300ක් තුළ ලකුණු 230ක පහසු ඉලක්කයක් හඹා යාමට එංගලන්ත පිතිකරුවන් පිටියට පිවිසියා.

එහිදී එංගලන්ත ඉනිමේ කඩුලු දඩයම ඇරඹු ජස්ප්‍රිත් බුම්රා පළමු කඩුලු දෙක ලකුණු 30ක් තුළ බිඳ දැමීමට සමත් වුණා.

එතැන් සිට එංගලන්ත පිළිතුරු ඉනිම කඩාවැටීම ආරම්භ වූ අතර, එම කඩා වැටීම වේගවත් කිරීමට මොහොමඩ් ශමිගේ වේග පන්දුව සහ කුල්දීප් යාදෙව්ගේ දඟ පන්දුවට හැකියාව ලැබුණා.

ඒ, අනුව එංගලන්ත පිළිතුරු ඉනිම පන්දුවාර 34යි පන්දු 05ක් තුළ ලකුණු 129කට අවසන් කරන්නට ඉන්දීය පන්දු බලඇණියට හැකියාව හිමි වුණා.

එංගලන්තය වෙනුවෙන් තරමක් හෝ සාර්ථක වූ පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබුනේ ලකුණු 27ක් රැස්කළ ලියම් ලිවිංස්ටන්ට පමණයි.

පන්දු යැවීමේ දී මොහොමඩ් ශමි කඩුලු 04ක් සහ ජස්ප්‍රිත් බුම්රා කඩුලු 03ක් බිඳ දැමුවා.

ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලද හයවන ජයග්‍රහණය මෙය වන අතර, මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට පැමිණීමට ද ඔවුන්ට හැකියාව ලැබුණා.

එංගලන්ත ලද මෙම පරාජයත් සමඟ මෙවර ලෝක කුසලානයේ ඔවුන්ගේ ඉදිරි ගමන අවිනිශ්චිත වී තිබෙනවා.

ඔවුන් මෙවර තරගාවලියේ තරග 06කට සහභාගී වී ඉන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර, එංගලන්තයට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ තවත් තරග තුනක් පමණයි.