32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට්වලට පණ සේ පෙම් කළ ‘පර්සි අංකල්’ දිවිගමනට සමුදෙයි

ක්‍රිකට්වලට පණ සේ පෙම් කළ ‘පර්සි අංකල්’ දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දීර්ඝ කාලයක සිට ඔල්වරසන් දෙමින්, සිය රටෙහි ජාතික ධජය ඔසවා ගනිමින් ක්‍රීඩාගාරය මෙන් ම ජය පැරදුමෙන් පසු වුව ද, පිටිය පුරා සිය රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ශක්තියක් වුණු ක්‍රීඩකයින් දිරිගන්වන්නෙක් ලෙස කටයුතු කළ ‘පර්සි අබේසේකර’ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වර්ෂ 1936 ජූලි 30 වැනි දින ගාල්ල – බූස්සේ දී උපත ලද මෙම ක්‍රිකට් දිරිගන්වන්නා කා අතරත් ප්‍රසිද්ධ වූයේ ‘ පර්සි අංකල්’ යනුවෙන්.

අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇති ඒ මහතා මියයන විට 87 හැවිරිදි වියෙහි පසුවුණා.