27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර දැරියකට හදි කළ අයෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියකට හදි කළ අයෙක් අත්අඩංගුවට

බාල වයස්කරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම ඛේදනීය පුවත වාර්තා වී ඇත්තේ කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි බාලවයස්කරුවෙකු විසින් ඇයගේ නිවසටම පැමිණ කිහිපවරක් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම බාලවයස්කරු නිරන්තරයෙන් ම ඇයගේ නිවසට පැමිණ ඇති බවත් නිවසෙහි වැඩිහිටියන් නොමැති අවස්ථාවේදී, 15 හැවිරිදි දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට හෙළිව ඇති බවයි.

ලිංගික අපයෝජනයට ලක් වූ තැනැත්තිය නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘කසිප්පු’ පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බවත්, ඇයගේ නැන්දණිය ද, මත්ද්‍රව්‍ය පානය කරන්නියක් බවත්, ඒ හේතුවෙන් එම බාලවයස්කාර දැරිය මත්ද්‍රව්‍යයට යොමු ව ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි ව තිබෙනවා.

දැරිවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් බාලවයස්කරුව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීමේ වැඩිදුර විමර්ශන හුනාන් කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා. බාලවයස්කරුගේ මෙම ක්‍රියාකාරකම් දැරියගේ නිවසේ විසූ අත්තම්මා සහ ඇයගේ අක්කා දැකීමෙන් පසු ඔහු නිර්වස්ත්‍රව ඇඳ සිටි ඇඳුම් ද දමා දිවගොස් තිබෙනවා.

කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් එම ඇඳුම් ස්ථාන පරීක්ෂාවේ දී විමර්ශන සඳහා ලබාගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.