25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබීමතින් රිය පදවා යකා නැටූ පොහොට්ටු අපේක්ෂකයා අත්අඩංගුවට

බීමතින් රිය පදවා යකා නැටූ පොහොට්ටු අපේක්ෂකයා අත්අඩංගුවට

බීමතින් රිය පැදවීම නිසා පොලිසිය විසින් ඔහුගේ රිය නතර කළ විට, පොලිසිය සමග බහින්බස් වූ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්‍ෂ අපේක්ෂක කුෂාන් උමයංගන පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් පොලිසියට පහර දී ඇති බවට ද චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එම බහින්බස්වීම අතරතුර පොලිසිය තමන්ට පහර දුන් බවත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කරන ලෙස බලකරමින් බලහත්කාරයෙන් රෝහලට සැකකරු ගිය බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

බීමතින් රිය පැදවූයේ නැති බවට, මෙම සැකකරු විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුව ද, රෝහලේ දී සිදුකළ පරීක්‍ෂණවල දී හෙළි ව ඇත්තේ ඔහු මත්පැන් පානය කර ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සඳහා අත් අඩංගුවට ගත් සැකකාර පොහොට්ටු අපේක්ෂකයා තවදුරටත් පොලිස් භාරයේ රඳවාගෙන තිබෙනවා.